පවිත්‍ර හෝම්ස් මා දෙස බලා කී පළමු "සාස්තරයට" පරීක්ෂාකාරී ලෙස මුහුණ දී "ජාමේ " බේරාගත්තද , එය මේ සිද්ධිවල අවසානය නොවීය.ඔහු දිගින් දිගටම මගේ අත පය , මුහුණ , කට , තෙරපමින් , පිරිමඳිමින් , හූරමින් අනීවාරතේ කාලය ගතකරන්නට විය.එක පැයක් තුළදී මම දියවැඩියා රෝගියෙක් , යුධ සිරකරුවෙක් , පත්තරකාරයෙක් වීමි.ඔහු මගේ බෙල්ලේ උපන් ලපයක් දෙස බලා මගේ උපන් ස්ථානය කීවේය.රදනක දතක් දෙස බලා අක්කාගේ වයස කීවේය.(මට අක්කා කෙනෙක් නැත ) . මේ සියලු "විගඩම් " අවසානයේ මම ඇත්තම උන්මන්තකයෙක් වීමි.නමුත් එවිටත් ඔහු කීවේ මගේ මොළයේ පළල අනුව මා මහා බුද්ධිමතෙක් විය යුතු බවයි. කෙසේ වුවද මේ "ඇඟ බලා සාස්තර කීමේ ක්‍රමය " ගැන මගේ හිතේ පහළ වූවේ ලොකු කුතුහලයකි.මම මේ ගැන පවිත්‍රගෙන් විමසූ කල ඔහු දිග හෑල්ලක් මා ඉදිරියේ දිගහැරියේය.ඒ හෑල්ලේ හැමතැනකම පාහේ "හෝම්ස් ' යන වචනය තිබූ බැවින් මම හෝම්ස් ගැන විමසුවෙමි .එහි ප්‍රතිඵලය වූයේ තවත් දිග හෑල්ලකි !. මම මගේ ලෝකයක තනිවී ඔහු දෙසම බලා සිටියෙමි.තව තවත් හෑලි මා පසුකරමින් මටත් නොකියාම පිටව ගියේය .ගඟට ඉනි කැපීම නිශ්ඵල ක්‍රියාවක් බව ඔහුට තවමත් වැටහී න