ක්‍රිකට් ග්‍රවුන්ඩ් , හාබර් , අධිවේගෙ හරී වැඩ වැඩිවී සැමගේ ඇත පර්ස් පිරී දියුණුව රටේ , පිපෙන්නෙ අද වාගෙ පොරී ජෙලස් පිරී ඇමෙරිකාව යයි පිපිරී පිපිරී පැලී මැරී යාවි , උන් දැනගත්තොත් හඳට යවන්නත් යන බව අපේ පුතෙක් " සඳ කමිටුවට" අපගේ ජය ජයම වේ පිටරටකත් මීටින් ගමු බයි ද වේ සල්ලි උන්ගෙ , ලෝකෙ වටේ ටුවර් යමූ ප්‍රොජෙක්ට් එකට හොඳම නමක් දාල ඉමු අපෝ මචන් ඕකත් මහ කජ්ජක්ද "මිහින් චන්ද්‍රා" නම දාගමු දුක් නොවිඳ අඩේ මචන් මිනිස්සු හිතයිද දන්නේ නෑ අඩු ගානට හඳට යන්න තියෙන ප්ලේන් එකක් කියල ? එක අතකට චන්ද්‍රිකාගෙ නම මේකට ගාවන එකත් සදාචාරයට පටහැනියි නේද ? ආවයි අදහසක් මේ දැන් මට හොඳම ඕකට ගැලපෙන්නෙ හැඩටම "සඳ නැඟුම" නමම නෙවෙයි මෙතනට දැන් වැදගත්ම අමාරු දේ තාක්ෂණේ ගොඩනැගුම හිකිස් මචෝ පස්සෙ බලමු තාක්ෂණේ කාවද දැන් හඳට මුලින් බස්සන්නේ ? ඔව් ඔව් ඒකෙක් හොයනා එක අමාරුයි වැඩ දන්නා හැඩම පොරක් ඕනමයි හරි හරි වැඩ කිඩ දන්න කවුරුහරි හොයමු.මුලින් රාජපක්ෂ කියන කෑල්ල ගෑවෙන එකෙක් හොයමු..නැතිමනං ඉතින් කරන්න දෙයක් නෑ