මාතෘකාවෙන්, අණ්ඩ කඩා ගැනීම හේතුවෙන් උත්පාදනය වූ ප්‍රීතියක් ගැන කියවුනද එය ඒ ආකාර "ප්‍රීතියක්" නොවේයයි සිතෙන්නේ ,කැඩී ගිය අණ්ඩ ඈඳී තිබුණු මහා පුරුෂ ශරීරය සිහි වන විටදීය.නුහුරු නුපුරුදු "පුරුෂ ශරීර වර්ණනාව" කිරීමට දරන ප්‍රයත්නයක් නොවේ මෙය.
හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ ) මතකයන්,හැඟීම් සම්පිණ්ඩනය කොට දැක්වීමට උත්සහ කිරීමකි
ඔව්
මෙතෙක් පේරාදෙණියේ අණ්ඩග්‍රැජුවේට් (undergraduate) ව හුන් අපි අණ්ඩ කඩා ගත්තෙමු
එතරම් වැදගත් නැති "අණ්ඩ කඩා ගැනීමේ මෙහෙයුම" (විභාග,කුප්පි,ctrl+c,ctrl+v) ගැන විස්තර පසෙක තිබියදී අපි අණ්ඩ තිබුණු කාලය සිහි කරමින් පෙර ගිය මංමාවත්වල ඇවිද යමු.දැඩි ග්‍රීස්ම කාලයෙහි වුව හමන සීත සුළං සිහි කැඳවමු/විඳිමු.අවුරුදු ගණනක සිට අණ්ඩ තිබුණ උන් මෙන්ම කඩා ගත් උන් දෙසද උපේක්ෂාවෙන් බලා ඉන්නා ගොඩනැගිලි ,ගල් කණු, ගහ කොළ ,පඩි පෙල් සිහි කැඳවමු/නරඹමු.
හුදෙක් ,අණ්ඩ ගැලවී යාමත් සමඟ වෙන්වූ (හෝ ඈත් වූ ) මතකයන්,හැඟීම් සම්පිණ්ඩනය කොට දැක්වීමට උත්සහ කිරීමකි
ඔව්
මෙතෙක් පේරාදෙණියේ අණ්ඩග්‍රැජුවේට් (undergraduate) ව හුන් අපි අණ්ඩ කඩා ගත්තෙමු
එතරම් වැදගත් නැති "අණ්ඩ කඩා ගැනීමේ මෙහෙයුම" (විභාග,කුප්පි,ctrl+c,ctrl+v) ගැන විස්තර පසෙක තිබියදී අපි අණ්ඩ තිබුණු කාලය සිහි කරමින් පෙර ගිය මංමාවත්වල ඇවිද යමු.දැඩි ග්‍රීස්ම කාලයෙහි වුව හමන සීත සුළං සිහි කැඳවමු/විඳිමු.අවුරුදු ගණනක සිට අණ්ඩ තිබුණ උන් මෙන්ම කඩා ගත් උන් දෙසද උපේක්ෂාවෙන් බලා ඉන්නා ගොඩනැගිලි ,ගල් කණු, ගහ කොළ ,පඩි පෙල් සිහි කැඳවමු/නරඹමු.
කොටුව ස්ටේෂන් එකේ වේදිකාවේ එහා කොනේ සිට මෙහා කොන තෙක් ඇවිද "ෆ්‍රේෂ් පිට" එළියට ආවද ,ඇවිදීමෙන් පසුව එවැනි "ෆ්‍රේෂ්" එකක් ලබා ගැත නොහැකි තරමටම "ඒ කොන" සහ "මේ කොන" ඉතා දුරින් පිහිටන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුදුම අටෙන් එකක් වන ඉංජිනේරු පීඨයේ කොරිඩෝව තරණයෙන් පසු, නැතිව ගිය "ෆ්‍රෙශ්" එක ලබා ගැනීම උදෙසා අක්බාර් පිරිමි නේවාසිකාගාරයට පියනගමු.
ඒ රුපියල් තුනකට ඕනෑවටත් වඩා වටින (ළඟදී ගනන් වැඩි වන්නට ඇත ) ප්ලේන්ටියක් වෙනුවෙන් හෝ රුපියල් හතකට ලැබෙන ,කැන්ටිමේ ටෙන්ඩරය මාරුවන කාලයට විශ්වකර්මයකින් චොක්ලට් කුඩු ,වැනිලා පවා වැටෙන ටී එකක් වෙනුවෙනි.
ඔටුවන් නොහොත් ජීවන සහකාරියක් නැති අහිංසක තරුණ ජීවිත සැඳෑ යාමයේ පාරේ යන දැරිවියන් දෙස බලමින් රත් කරන "ඔටු බංකු" පහු කරමින් අපි දෙවන පුදුමය කරා ඇදෙමු.මේ අර එක්දාස් නවසිය හැට ගනන්වල අනලා,අතුරලා ,හොඳට වේලපු කොන්ක්‍රීට් තලපය.
අක්බාර් පාලම
පේරාදෙණියේ අණ්ඩ සහිත ජීවිතවල සුන්දර මෙන්ම විශාල පරිච්ඡේද ගනනාවකට පසුතල නිර්මාණයෙන් සමහර විට තිර රචනයෙන් අධ්‍යක්ෂණයෙන් පවා දායක වෙන
අක්බාර් පාලම.
ගඟ මැදට ආධාරකයක් නොමැතිව ඉඳි කිරීමෙන් දක්වා ඇති ඉංජිනේරු ශිල්පීමය දස්කම් හොඳින් ආඝ්‍රාහණය කිරීමට නම් පිරිසක් එකතු වී උඩ පැන ,ඒ රිද්මයට පාලමද උඩ පනිනා අයුරු විඳිය යුතුය.අඟල් ගානක විස්ථාපනයක් සිදුවුකළද පාලම තිර ලෙස විරාජමානව මහවැල ගඟ හරහා ලැග ඉන්නේ අවුරුදු ගනනාවකට පෙර සිටි අණ්ඩයන් (අණ්ඩ ඇත්තවුන් කෙටියෙන්) මෙන්ම මතු පරම්පරාවේ අණ්ඩයන්ද ආරක්ෂිතව ගඟෙන් එගොඩ කළ යුතු බැවිනි.
වේග සීමාව පැයට කිලෝමීටර් 15ක් පමණ වන හෙයින් පැයට කිලෝමීටර් 50ක 60ක පමණ වේගයෙන් ඇඳෙන යතුරු පැදි ටයරවල පහස විඳීමට බියක් නොමැති නම් මේ පාලමේ නිදාගැනීමේ සුන්දර අත්දැකීමට ගොදුරු වීමටද හැකියාව ඇත.හොඳම කාලය උදාවන්නේ මැදියමින් පසුය.සුරා මත දරා ගැනීමට නොහැකි වීම පාලමේ නිදාගැනීමට එක් හේතුවක් වුවද ඒ සඳහා හේතු අවශ්‍යම නැත.
පාලම තරණය අවසන් වනවාත් සමඟම දකුණු පස පහළින් මහවැලි ගඟට සමාන්තරව පෙනෙන්නේ එල්.එල් ය.නොහොත් ආදරවන්තයන්ගේ මාවතය.සිංහලයේ නාම පදයක් අගට "ගේ" යෙදීමෙන් අයිතිය හැඟවීමක් සිදු කරන වග හොඳාකාරව දන්නා අපි මෙම මාවත ආදරවන්තයන්ගේ බූදලයක් විය හැකි වගට අනුමානයක් කරමු.ඒ අනුමානය හරියටම හරි යයි කියමින් ජෝඩු ඒ මාවත දිගේ ගමන් කරන්නේ මහවැලි ගඟේ රැල්ල පාගනු පිණිසය.වෙන කිසිවකට නොවේ.නමුත් ඒ අසලම සිටින නොමගට ගිය උස ගහ මේ ඡායාරූපයේ පෙනෙන ආකාරයට එල්.එල් එක දෙසට නැවී ඇත්තේ ඒ ගසේ ඇති වනචරකම නිසා බව ජනප්‍රවාද වල සඳහන් වේ.කෙසේ වුවද එල්.එල් පුදුම අටෙන් එකක් නොවේ.එල්.එල් පුදුම අටේ ලැයිස්තුවට ඇතුල් කරන තුරු විශ්ව විද්‍යයාලීය බහුතර ඔටු ප්‍රජාව කටබලියාගෙන සිටියේ නම්, "ඒ බලා සිටීම" දහ වැනි පුදුමය විය යුතුය.
ලැයිස්තුවේ ඊළඟ පුදුමය මුණ ගැසෙන්නේ අක්බාර් පාලම අවසන් වූ විගසමය.ස්වයං සම්බාධක පනවා ගැනීමෙන් "එච් ගස"(H tree) යයි ව්‍යවහාර කරන විශාල කඩොලාන ශාකයයි ඒ.මුහුඳු මට්ටමේ සිට වඩාත්ම උඩින් පිහිටි විශාලම කඩොලාන ශාකය බව කියැවෙන මෙය හා බැඳී ඇති ජනප්‍රවාදවලට අනුව මේ ගස යට ජෝඩු හතකට එකිනෙකාට නොපෙනී සිටිය හැකි ය.එය සත්‍යයක්දැයි හරියටම නොදන්නේ හතට ගැනීමට නොහැකි නිසා නොව ගස දෙස බැලිය නොහැකි නිසාය.
එච් ගස නරඹා ඉදිරියට ඇදෙන ගමනේදී කෙලින්ම දිස්වන වූස් (WUS) පරිශ්‍රයේ ඇති බාබර් සාප්පු,ටේලර් සාප්පු,සමුපාකාර මැද පුදුමයක් හොයා ගත නොහැකි වුවද එස්.බී ඇමතිතුමා විසින් දෙවෙනි වතාවටත් අභිනවයෙන් විවෘත කළ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය,තවත් එක් පුදුමයක් කිරීමේ හැකියාව ඇත්දැයි සොයා බැලිය යුතුය.අවශ්‍යතාවයක් ඇත්නම් වූස් කැන්ටිමෙන් යමක් අනුභව කිරීමේ හැකියාව ඇතත් අපි නොනැවතී ඉදිරියට ඇදෙමු වූස් වල කරා.සමහර දිනවලදී ඔබට ඒ සඳහා බොහෝ පරිස්සම් විය යුත්තේ බිම එලා ඇති තවත් නොවේලී ඇති පෝස්ටර් පයට නොපෑගෙනු පිණිසය.ශිෂ්‍ය ක්‍රියාකාරකම් බොහොමයක මුල මෙතනය.කොනක ඇති කුඩා කාමරයේ දොර විවෘත කොට බැලුවහොත් එහි බිත්ති පුරා ලියා ඇති වාක්‍ය ඛණ්ඩ කියවීමෙන් හීනි ආශ්වාදයක් ලබා ගැනීමටද හැකියාව ඇත.
අඩි හයක් පමණ උස එකෙක්ට කෙලින්මද ඊට කොට එකෙක්ට මදක් ඉස්සීමෙන්ද තටාකය ,දන්න වචනයෙන් ස්විමිං පූල් එක දර්ශන පථයට හසු කර ගත හැකිය.විශ්ව විද්‍යාල ආරක්ෂකයින් හෝ විනයාරක්ෂකයින් මෙය නොකියවන වගට උපකල්පනය කිරීමෙන් මේ පූල් එකේ මහ රෑට කොල්ලන් ඇඳුම් නැතුව නාන වගට ප්‍රකාශ කළ හැකිය.ඒ ප්‍රකාශය කලේ ආසාවට නොව ඉරිසියාවටය
images
http://www.panoramio.com
https://www.facebook.com/spriyan