Jan 16, 2013

ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් !


ආච්චිගේ නිවසට සැපත් වූ එඩින්බරෝ ආදිපාදයාගේ නිල රථය සීයාගේ ගස්ලබු පැළ දෙකක් සහ මිරිස් පාත්තියද යට කරමින් නිසල විය.

කොන්පියුස්ඩ්?--

-ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් !


සිය ජීවිතයේ භාරදූරම කර්තව්‍ය මෙන්ම ජීවිතයේ පරමාර්ථයද වන "කෑම පිසීමේ " සද්කාර්යය ඉටුකරනු වස් ආච්චී පිටව ගියාය.නැවත වතාවක් වාහනයේ ෆුට් බෝඩ් එකේ සිට බිම් මට්ටමට බොහෝ දුරක් ඇති බව අමතක වීම හේතුවෙන් මිරිස් පාත්තියට පතනය වූ මගේ ශරීරය ඇදුම් කන්නට විය.
වෙඩි වැදුනත් ආයෙ ආයෙත් නැගිටින ටර්මිනේටර් චිත්‍රපටියේ අනෝල්ඩ් ස්වාසලිංගම් නේගර්  මහතා මෙන් මමත් මිරිස් පාත්තිය තුළින් නැගී සිටිත්ම කන ළඟින් "ට්‍රිලිං..ට්‍රිලිං" හඬක්  ඇසෙන්නට විය.
අවේලාවේ එන පත්තරකාරයාය.


"ඩූ යූ හැස් සන්ඩේ ඔබ්සවේටර්  ?" මම ළඟට ගොස් ඇසුවෙමි.

"වට්? වී ඩෝන්ඩ් හෑවු දැට් කයින්ඩ් ඔෆ් නිවුස් පේපර්ස් ඇට් ද මෝමන්ට් සර්.වුඩ් යූ ලයික් ටු බයි අනදර් වන්.ආඩ් බී හැපි ටු හෙල්ප් යූ "

පත්තරකාර කොළුවා පත්තර ගොඩ තුළ සඟවා තිබුනු කඩුවක් එළියට ගෙන එහි මුවහත් ප්‍රදර්ශනය .කර සාම්ප්‍රදායික කඩු හරඹයක් පෑවේය.සීයාත් එතැනට දුවගෙන ආවේ එළුවන්ට කොස් කොළ කපන්නට ගෙනා කැත්තද උස්සාගෙනය.

"ඔන්න ඔහෙ තියෙන එකක් දෙනවා "
මම සීයාගේ අතේ තිබුණු කැත්ත උදුරාගෙන කඩුවට එරෙහි දේශමාමක බලවේග ප්‍රතිස්ථාපනය කළෙමි.


ටිකකින් පත්තරකාරයා පිටව ගියේය
සීයා කොස් කොළ කපන්නට ගියේය.
මම පත්තරකාරයාගෙන් ලැබුණු සිරිකත පත්තරයද ගෙන නිවසට ඇතුළු වීමි.
එහි වූ සාරගර්භ ලිපි තුළ අතරමන් වී නන්නත්තාර වූ මට වෙලාව ගතවනු දැනුනේ නැත.ආච්චී පිටිපස්සෙන් පැමිණ මා කියවන්නේ කුමක්දැයි බලා සිටින වගද දැනුනේම නැත.

"හනේ හනේ උක්කුං උඹ ලොකු වැඩම තමා කරන්නෙ එහෙනම් ?"
ආච්චිගේ වචන වලට ඈ අඹරන ලුණු මිරිසේ ,මිරිස්ද ඇඹරැල්ලා හොද්දේ ,ඇඹුලද කළවම් වී තිබිණ

"ඇ..මො..මොකක්ද ආච්චි "

"බලපිය ඔය කියෝන පත්තරේ තියෙන එක."ගැබිණි මාතාවකගේ පෝසණය සහ පොඩිත්තා ජනප්‍රිය පාසලකට දැමීම "  අනෙහ් මගෙ කට "

"නැ..නැහ් ආච්චි මං "

"උඹට කියන්ඩ බැරි උනා නේද මට ..." ආච්චී මට එරෙහි දෝශාභියෝගය සම්මත කර ගැනීමට වැඩි ඡන්ද සොයනු වස් සීයාගේ ආධාරය පතා දිව ගියාය.

"මේ ඇහුනද..................."

"අනෙ නෑ ආච්චි ඒක නෙවේ..මං මේ ප්‍රෙහෙළිකාවක් පුරෝ පුරෝ හිටියෙ "

"මොකක් ?" ඈ පත්තරයට එබී බලා එහි කොනක තිබුනු පුංචි කොටු කොටු ප්‍රෙහෙළිකාව දැක පශ්චත්තාපයට පත් වූවාය.


"අනේ මන්දා ඔය චුට්ටං අකුරු පේන් නෑ උක්කුං පුතේ...පොඩ්ඩක් කියවහංකො "




"ලේසිම එකේ ඉඳන් යං ආච්චි..5 පහළට

මානසික රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන ස්ථානයයි 

ආච්චිත් මමත් කම්මුලට අත තබාගෙන කල්පනා සාගරයේ පිහිනන්නට වීමු.එහිම ගිලෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී එය වැළැක්වූයේ නුදුරින්ම ඇසෙන්නට වූ කුකුල් රැලක මළ ඇඬියාවයි.ඒ හාත් සමඟම සාලය මැඳින් අප සිටින තැනට මීටර් සීය දුවගෙන පැමිණි සීයා ,ඉස්සරහ දොර ළඟදී තුන් පිම්ම පැනීමට සූදානම් වත්ම ආච්චී විසිල් එක ගැසුවාය.

"කොහෙදෑ ඔය දුවන්නේ? "

"කුකුල් කොටුවට ගැරඬියෙක් පැනලද කොහෙද"

මට එක්වරම විඥානය පහළ විය.

"හරි ආච්චි හරි උත්තරේ හොයාගත්තා..කොටුව කොටුව"

"කුකුල් කොටුව? ඔව් උනුත් මානසික රෝගියො තමා එක අතකට බිත්තරත් දීලා මසුත් දෙන්නෙ"

"නෑ නෑ ආච්චි පිස්සන් කොටුව..උත්තරේ "

එතෙක් පත්තර පිටුව මත තිබූ ආච්චිගේ චිත්ත ඒකාග්‍රතාවය ඉන් මිදී ,සීයා අත තිබුණු බූමිතෙල් බෝතලයට සංක්‍රමණය විය.

"ඔහේ ඔය බූමිතෙල් ටික අරන් යන්නෙ මොකටෙයි? "

"ගැරඬියා එළවන්නෙ නැතෙයි?"

"ලිපට දාන්න බූමිතෙල් ඕන නැතෙයි? ඔහේට දවල්ට කන්න ඕන නැතෙයි "

 ආච්චී ගිනි කූරක් ගසා බූමිතෙල් බෝතලය දෙසට විසිකොට යුද ගිනි ඇවිලුවාය. මැද පෙරදිග ගාසා තීරයේ මෙන් සටන් ඇවිලෙන්නට වූ තැන මම ප්‍රෙහෙළිකාවේ 4 පහලට පිරෙවුවෙමි

"සටන් යන්නට සමාන වචනයක්"
"වලි"

7 හරහට

දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඒකරාශී වන නීති සම්පාදනය කරන මණ්ඩලයයි/ ස්ථානයයි 

"එහෙම දේවලුත් වෙන තැන් තියෙනවද ආච්චියෙ?"

අකුරු හතකින් සමන්විත වචනය කුමක්දැයි සොයාගැනීමේ පරම චේතනාවෙන් සත්‍ය ගවේශනයේ යෙදුනු ආච්චී දුරකතන ඇමතුමක් ගෙන දර්පණාගෙන් පවා ඒ ගැන විමසුවාය.ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට දර්පණා, සුජාත දියණි පහුගිය එපිසෝඩ් එක ගැන කතා කිරීම ආරම්භ කළ නිසා මම ,ඒ වන විට ආච්චිගේ අත් අඩංගුවට පත්වී තිබුන බූමිතෙල් බෝතලය උදුරාගෙන දුරකතනයට හළා එය ගිනි තැබීමෙන් කරන්නට ගිය  ත්‍රස්තවාදී ක්‍රියාව වැළකුනේ සීයාගේ මැදිහත්වීමෙනි.
ආයුධ බිම තබා යටත් වී සිටි සීයා නැවත කුකුල් කොටුවේ යුධ පෙරමුණට යාමට සුළු මොහොතකට පෙර අප හා අදහස් දක්වමින් පවසා සිටියේ මෙතෙක් ලැබී ඇති දත්ත හා තොරතුරු වලට අනුව දේශාපාලන පක්ෂවල නියෝජිතයන් ඒකරාශී වන තැනක් නම් එය "අපාය" විය හැකි බවය.

නමුත් 7 හරහට අකුරු හතක් ඇති බවත් එවැනි තැනකට "අපාය" වැනි අකුරු තුනක වචනයක් යෙදීම ප්‍රෙහෙළිකා මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවට තර්ක කළ ආච්චී බණ පොත් රාශියක් පෙරලා 'අකුරු හතක සතර අපායක්' පිළිබඳවද තොරතුරු සොයා බැලුවාය.ප්‍රතිඵලය අසතුටුදායක වූ තැන ආච්චී සිය විචක්ෂණ ඤාණය යොදවා ප්‍රෙහෙළිකාව විමසුවාය.

"උක්කුං ,ඔය කියන වචනෙ අහළ පහළ තියෙන අනිත් වචන මොනවද පුතේ "

මම වහා ප්‍රෙහෙළිකාව දෙස බැලුවෙමි

"පිස්සන් කොටුව ,වලි "

"හරි පුතේ උත්තරේ පාර්ලිමේන්තුව "

2 පහළට ත් ඉතා පහසු විය ..ඒය හිස්තැන් පිරවීමකි
ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයෙක් කුඩා දැරියක් _____ කර තිබේ.නඩු නැත.අපරාධකරු නිදැල්ලේ.

මම වචන කිහිපයක් යෝජනා කළෙමි.
කුඩා දැරියක් නස්න කර තිබේ
කුඩා දැරියක් සනීප කර තිබේ
කුඩා දැරියක් විභාග කර තිබේ

අවසානයේ රට යන අත ගැන මනා විග්‍රහයක් කළ ආච්චී වඩාත් සුදුසුම වචන ලෙස "දූෂ්‍ය" තේරුවාය
ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයෙක් කුඩා දැරියක් දූෂ්‍ය කර තිබේ.නඩු නැත.අපරාධකරු නිදැල්ලේ.


3 පහළට
යමක් දේශපාලනයට නතු කර ගැනීමේ ක්‍රියාදාමයයි.

වචනයේ අකුරු නමයෙන් 3ක්ම පිරවී අවසන්ය."දේ" යන්නෙන් පටන් ගන්නා නිසා "දේශපාලන " කෑල්ලක් තිබිය යුතුමය. ඉතිරියත් ඉක්මනින්ම පිරෙවුවෙමි

"දේශපාලනීකරණය"

ආච්චී මගේ ඔළුව අතගා හාද්දක් දුන්නාය.


1 හරහට

ජනතා සුබ සිද්ධිය සළසනු පිණිස , ආණ්ඩුවක මුල් තනතුරක් හොබවන තැනැත්තායි

  සිය අවුරුදු 70ක ජීවිත කාලය තුළ එවැනි කවුරුන් ගැන හෝ අසා නැති වග දළදා හාමුදුරුවන්ගේ නාමයෙන් දිවුරූ ආච්චී අකුරු හත පිරවීම පිණිස  "කවුදබොලඒකා"ලෙසින් සිංහල භාෂාවට නව වචනයක් එකතු කළත් , කලින් මෙන්ම අහළ පහළ වචන වලට නෙත් හෙළීමටද මදක් නැවතුනෙමු. ළඟින්ම තිබුණේ "දූෂ්‍ය " යන වචනයයි.මඳ වේලාවකින් ආච්චී "අමාත්‍යවරයා " යන වචනය යෝජනා කළ අතර මම එම යෝජනාව ස්ථීර කොට සබා සම්මත කළෙමි.

දැන් වැඩේ බොහෝ දුරට අවසානය.ඉතිරිව ඇත්තේ වචන දෙකක් පමණි.

1 පහළට

සාධාරණ හා ධර්මිෂ්ඨ වීමේ ගුණයයි.මෙය පසිඳලනු පිණිස රටක උසාවි පිහිටුවා ඇත.

ඉතා අපහසු වචනයකි.මෙය කල්පනා කිරීම ඉතා අපහසු වන අතර එය ආච්චිගේ බත රොස් වීමට හා මට බඬගින්නේ සිටිමට මුල් වන්නක් විය හැක.කාන්සිය නිවා ගනු පිණිස මම රූපවාහිනිය ක්‍රියාතමක කොට අයි.ටී.එන් හසු නොවීමට හැකි සියළුම පූර්වෝපායන් ගත්තෙමි.එක්වරම යම් නාලිකාවකින් කඩුවක් අතින් ගත් රොඩ්නි වර්ණකූල මතු විය.

"යුක්තිගරුක අතීතයට කැන්දන් යමි මම......"

"ආච්චියේ උත්තරේ හම්බුනෝ " මම කෑගැසුවෙමි "යුක්තිය යුක්තිය "

වහා පෑන අතට ගත් මම එය පිරවීමට උත්සාහ කළෙමි

"පොඩි අවුලක් ආච්චියේ ඒත්"

"මොකෑ පුතේ? "

"මම 'යුක්තිය' පිරෙවුවට වැඩක් නෑ ආච්චියෙ උඩින් ඉන්න අමාත්‍යවරයා ඒක 'අයුක්තිය' කරනවනෙ "

"ඉතින් ඇත්ත නේන්නං පුතේ ,ඕකනෙ වෙන්නෙ ..අපි අනිත් එකත් පුරෝලාම දාමු ඔන්න ඔහේ "

6 හරහට

යම්කිසි රටක මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් පාලනය පිණිස පිහිටුවා තිබෙන රෙගුලාසි පද්ධතියයි.මෙය පිහිටුවීම සහ පවත්වාගැනීම රටක ආණ්ඩුවක වගකීම වන අතර සෑම පුරවැසියෙක්ම මීට යටත්ය.

උත්තරය ඉතා පහසු එකකි
"උත්තරේ 'නීතිය' "යයි කියූ ආච්චි නැවත කුස්සිය දෙසට ගමන් ඇරඹුවාය.
එය සටහන් කිරීමට උත්සහ කිරීමේදි තවත් ප්‍රශ්නයකි
"ඒ පාර මොකක්ද උක්කුං ? "

"'නීතිය' ලියන්න ඉඩ මදි ආච්චි ..




එක පැත්තකින් 'දූෂ්‍ය' වෙලා
උඩින් 'පාර්ලිමේන්තුව'
ළඟ පාතින්ම 'අමාත්‍යවරයා'
ඊටත් වඩා 'දේශපාලණීකරණය' හරස් වෙලා




Share:

28 comments:

  1. ප්‍රෙහේලිකාව නියමයි....

    මේක දවස් ගානක් තිස්සේ රෝලේ තිබ්බනේ.. කියවගන්න බැරි උනාට..

    ReplyDelete
    Replies
    1. අත්වැරදීමකින් පබ්ලිස් වීමේ ආදිනවය.
      හරි ගැස්සීමට හැකියාවක් තිබුනේ නැත
      ස්තූතියි
      ජයවේවා !

      Delete
  2. පට්ටයි අයියේ....සුපිරි ආ....!!
    //එක පැත්තකින් 'දූෂ්‍ය' වෙලා
    උඩින් 'පාර්ලිමේන්තුව'
    ළඟ පාතින්ම 'අමාත්‍යවරයා'
    ඊටත් වඩා 'දේශපාලණීකරණය' හරස් වෙලා//

    එලම තමා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඈහ්
      රට යන අත තමා ඉතින් ඔය නැද්ද?
      ජයවේවා !

      Delete
  3. ආච්චිට හාල්ගරපිය නියමයිනේ ප්‍රෙහ්ලිකාව.

    ReplyDelete
    Replies
    1. හාල් ගරල බතුත් ලිපේ තියල ඉවරයි
      ස්තූතියි එහෙනම්
      ජයවේවා කිවුව !

      Delete
  4. නිර්මාණශීලිත්වය 100000%

    උඹ මේ බ්ලොග් ලිය ලිය ඉඳලා හරියන්නෑ.. උඹට ඊට වැඩිය දෙයක් කරන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. නිකන්ම ඉන්දැද්දී ඊට වැඩි දෙයක් කොරන්න තමා මචෝ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ.බලමුකො ඉස්ස්සරහට නේද
      ස්තූතියි ප්‍රතිචාරයට
      ගොඩක් අගය කරනවා
      ජයවේවා !!

      Delete
  5. Replies
    1. ආආඅහ් ලකුණු සීයෙන් සීයම දීලා නේ?
      කාලෙකින්
      ජයවේවා !!

      Delete
  6. අඩෝ පට්ට creative කොල්ල. සුපිරියි ඈ...

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ඇනෝ
      තෑන්කූ මචෝ
      ප්‍රතිචාරය වටිනවා ගොඩක්
      ජයවේවා !!

      Delete
  7. එළ කොල්ලෙක්නේ ..මේ උබ විසිහත් වෙනිදට ආච්චිවත් එක්ක වරෙන් ...හික්

    ReplyDelete
    Replies
    1. කියලා බලන්නම් මචෝ ඒ ඇත්තිට
      හැබැයි උඹලත් ඉන්නවා නේද?
      හා හා අවුලක් නෑ
      ජයවේවා චමියො

      Delete
  8. නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ් අදහසට
      ජයවේවා !!

      Delete
  9. ‍‍ගෙට්ටුවට උඹ නැතත් ආච්චිව එවහන් ........තිත් දෙකයි ඩී ....
    උපරිමයි ඇ

    ReplyDelete
    Replies
    1. ආහ් ඒ කියන්නෙ මං එපා?
      උඹලට ආච්චිව ලොකු උනා එහෙනම්
      කමක් නෑ
      ස්තූතියි :)
      ජයවේවා !!

      Delete
  10. අදයි Join උනේ. මරු නිර්මානේ

    ReplyDelete
    Replies
    1. වෙල් කම් ටු අනීවාරතේ ජෝනා
      ස්තූතියි මචන්
      ජයවේවා !!

      Delete
  11. යකෝ ලකුණු සීන් සීයම දෙන්න වටිනවනේ මේකට. පට්ටයි බං
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. තෑන්කෝ කෝරළේ
      කිසිම පේපර් එකකට සීයෙන් සීය හම්බවෙලා නෑ..ඇත්තමයි
      ස්තූතියි නැවත එන්න
      ජයවේවා !!

      Delete
  12. ගරඩියට මොකඩ උනේ?

    ReplyDelete
    Replies
    1. අහ් ඌව අස් කළානෙ ආසන සංවිධායකකමෙන්

      Delete
  13. කියලා වැඩක් නෑ ගැටයා......
    එල එල.... මම කියන්නෙ කතාව එල.... ඕක සත්‍ය සිදුවීමක් ඇසුරින් වුන එක තමයි අවුල...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්ප අදහසට
      ඒක ඇත්ත මචෝ
      මෙහෙම දේවලුත් අපිට ලියන්න උනානෙ ඉතින් :)
      ජයවේවා !!

      Delete