Jan 17, 2013

දයාබර උකුණෝ , උඹලත් ගියාද?


වෙනද               හරියට කසන කොණ්ඩේ
නොමඳ              සුවයෙන් තිබෙනු දැනිලා
මොකද              කියලා ළංව බැලු සඳ
එකද                  උකුණෙක් නොමැත හිස මත

ෂැම්පු ගොඩකට ගෙවන මුදලම
ඉතුරු වේ යැයි මතක් වූවද
මෙලසෙ ඇති වූ විපරියාසෙට
හේතු සොයනට ආපි කුතුහල


ජොබට නේනා බවට දන්වා
බොසුට අමතා ෆෝනයෙන්
(තතික දුංධතඃ තරික තෙයියත් තෙයිත තානම් තානෙනා)
සාලෙ මැද්දේ අසුන් පනවා
එමත හිඳගමි පහසුවෙන්



මෙනෙහි කරමන් දුරාතීතය, ඔහේ දුවනා චිත්ත                      යේ
ජවනිකා පෙළගැසී ඇඳිලා මැකී යන්නේ එසැණ                    යේ
ගුල්ලො ගහලා සිදුරු වී ඇති හීන පිරවූ ගෝනි                        යේ
හීන රොත්තක් සුසුම් හෙළමින් හිටපු ගෝනිය හැරගි              යේ

ගිනි වැදුනු හිස් මුදුන මතුපිට
ඉන්ට විදියක් ඇත්තෙ නැති වග
දැනුනු කල්හී උකුණු පිරිවර
හොයා ගොස් ඇත කූල් ඔළුවක් 

දිවට දිව ගා හිටපු ඈයොත්
පැදුර අකුලන් යන්ට යද්දී
සැපට සැප දී තිබුන දිවියත්
අතැර ගස්සන් වෙන්ව යද්දී
         යසට ලේ බී, ඇවිද ඔලුවෙත්
         උන්නු උකුණෝ යන්ට යෑමත්
         පුදුමයක්යැ?........................වන්..ටූ..ත්‍රී ..ෆෝ....පුදුමයක්යැ?

දයාබර උකුණෝ
උඹලත් ගියාද?



හුදෙක් විනෝදාස්වාදය සඳහාය
සිරා නොගන්න



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!

උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයි
බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය
මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )
මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්
වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??

ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්

Share:

15 comments:

  1. හික් , ගැට උකුනාගේ නික්මයෑම ..එල ඈ ...

    ReplyDelete
    Replies
    1. බොල මගේ උකුණටත් නමක් දැම්මද
      ගැට උකුණා
      ඒකත් නරක නෑ
      ස්තූතියි
      ජයවේවා !!

      Delete
  2. මේකනම් සුපිරි උපහාසාත්මක කවි සිතිවිල්ලක්.. පට්ටයි .... රහයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් උපහාසෙකුත් වගේ තමා නේද..
      ස්තූතියි මාතලන්
      ජයවේවා !!

      Delete
  3. හි හි මාරු කවි සිතුවිල්ල........
    හැබෑට නම් ඉතින් දැන් කාලේ උකුනෙක් හොයන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ ඔලුවට හලාගන්න වස විස එක්ක

    ReplyDelete
    Replies
    1. කියාගන්න බෑ කිවුවට කිවුව දේ නම් හරිය.
      උන්ගෙ උනත් ඉවසීමේ සීමාවක් තියෙනවනෙ
      නැද්ද?
      ස්තූතියි මේ පැත්තෙ ආවට
      ජයවේවා !!

      Delete
  4. මටනම් හිතෙන්නේ උඹ කාලෙකට පස්සේ නාලා වගේ ගැටයෝ. :පී උඹ කොහොමත් ඒ කාලේ ඉඳලම නාන්ඩ හොරයිනෙ.

    ReplyDelete
    Replies
    1. බොල පරාලයෝ
      අපි හොඳට කාල නාල ඉන්න මිනිස්සුය.ඔය කියන්නේ මගේ රූමා ගැනය
      ජයවේවා !!

      Delete
  5. ලින්ක් කේශා ගෑව නම් ගොඩ...

    ReplyDelete
    Replies
    1. :ඕ
      එතකොට ගිය උකුණො ආපහු එනවද? :)
      ස්තූතියි
      වෙල් කම් ටු අනීවාරතේ
      ජයවේවා !!

      Delete
  6. ගාපිය කොහොඹ කොල උලුහාල් මුං ඇට. බොරුනං වෙද මහත්තයගෙං අහපිය.

    ReplyDelete
    Replies
    1. ආආහ් දැන් ඒව මුකුත් ඕනෙ නැතෝ
      උකුණො නෑ
      ස්තූතියි
      ජයවේවා !!

      Delete
  7. ඇත්ත දිවට දිව තියාගෙන ඉන්න ඈයොත් කියන්නෙම නැතිව යනවා.

    ReplyDelete
    Replies
    1. බොලාටත් හෙන අත්දැකීම් ගොඩක් තියෙනවා වගේ නේ අසර්?
      ජයවේවා

      Delete