Skip to main content

Posts

Showing posts from January, 2013

ඩිජිටල් ප්‍රින්ටින්(ග්) | Digital Printing

(කලකට ඉහතදී පින්තාරු වූ යන්තර යෙහි පළකරන ලද්දකි) ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක්‌ දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය. නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය. ''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?'' ''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න'' පිළිතුරක් නැත. ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය . ''අ'' කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!. ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය. "කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?'' මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි ද

මම පොස් කොල්ලෙක්මි | I am a pos gay

කිරි අප්පට බල්ලො පැනපි       ගැටය අයියා          ඉතින් ඉතින්?     මල්ලක් පුරෝල බඩු    කඩේ ගියාද? යො යෝ මචෝ වස්සප් ඩුඩේ            හව් යූ ඩුයින් මයි බ්‍රෝ ටුඩේ              හූ ඉස් "ගැටයා" සම්වන් ගොඩේ?      අයි ගෝ ෆුඩ් සිටි නොට් ටු ද කඩේ                         yo yo macho wat's up dude                      how you doin' my bro today                      who is "getaya" someone godey?                      I go food city not to the kadey ඉතින් ගැටයා අයියා                කොහොමද මෙහෙ ජීවිතේ           හෙන සරුයි වගේ ඇහ් යූ බ්ලඩි ඉඩියට් අයි සෙඩ් වන්ස්              අයි නොට් ගැටයා අයෑම් ගැට්ස්                රූලින් දිස් සිටි ලයික් ද බොස්                  පීපල් සේ දැට් අයැම් අ පොස්                                                              you bloody idiot i said once                                             I not getaya I am gatZ                                             rulin' this city like the boss                

දයාබර උකුණෝ , උඹලත් ගියාද?

වෙනද               හරියට කසන කොණ්ඩේ නොමඳ              සුවයෙන් තිබෙනු දැනිලා මොකද              කියලා ළංව බැලු සඳ එකද                  උකුණෙක් නොමැත හිස මත ෂැම්පු ගොඩකට ගෙවන මුදලම ඉතුරු වේ යැයි මතක් වූවද මෙලසෙ ඇති වූ විපරියාසෙට හේතු සොයනට ආපි කුතුහල ජොබට නේනා බවට දන්වා බොසුට අමතා ෆෝනයෙන් (තතික දුංධතඃ තරික තෙයියත් තෙයිත තානම් තානෙනා) සාලෙ මැද්දේ අසුන් පනවා එමත හිඳගමි පහසුවෙන් මෙනෙහි කරමන් දුරාතීතය, ඔහේ දුවනා චිත්ත                      යේ ජවනිකා පෙළගැසී ඇඳිලා මැකී යන්නේ එසැණ                    යේ ගුල්ලො ගහලා සිදුරු වී ඇති හීන පිරවූ ගෝනි                        යේ හීන රොත්තක් සුසුම් හෙළමින් හිටපු ගෝනිය හැරගි              යේ ගිනි වැදුනු හිස් මුදුන මතුපිට ඉන්ට විදියක් ඇත්තෙ නැති වග දැනුනු කල්හී උකුණු පිරිවර හොයා ගොස් ඇත කූල් ඔළුවක්  දිවට දිව ගා හිටපු ඈයොත් පැදුර අකුලන් යන්ට යද්දී සැපට සැප දී තිබුන දිවියත් අතැර ගස්සන් වෙන්ව යද්දී          යසට ලේ බී, ඇවිද ඔලුවෙත්          උන්නු උකුණෝ යන්ට යෑමත්          පුදුමයක්යැ?........................වන්.

ආච්චි සමඟ ප්‍රෙහේළිකාවක් විසඳීමට සොඳුරු උත්සාහයක් !

ආච්චිගේ නිවසට සැපත් වූ එඩින්බරෝ ආදිපාදයාගේ නිල රථය සීයාගේ ගස්ලබු පැළ දෙකක් සහ මිරිස් පාත්තියද යට කරමින් නිසල විය. කොන්පියුස්ඩ්?-- - ආච්චිට "ලොකු එක" ගැන කියා දීමට සොඳුරු උත්සාහයක් ! සිය ජීවිතයේ භාරදූරම කර්තව්‍ය මෙන්ම ජීවිතයේ පරමාර්ථයද වන "කෑම පිසීමේ " සද්කාර්යය ඉටුකරනු වස් ආච්චී පිටව ගියාය.නැවත වතාවක් වාහනයේ ෆුට් බෝඩ් එකේ සිට බිම් මට්ටමට බොහෝ දුරක් ඇති බව අමතක වීම හේතුවෙන් මිරිස් පාත්තියට පතනය වූ මගේ ශරීරය ඇදුම් කන්නට විය. වෙඩි වැදුනත් ආයෙ ආයෙත් නැගිටින ටර්මිනේටර් චිත්‍රපටියේ අනෝල්ඩ් ස්වා සලිංගම්   නේගර්   මහතා මෙන් මමත් මිරිස් පාත්තිය තුළින් නැගී සිටිත්ම කන ළඟින් "ට්‍රිලිං..ට්‍රිලිං" හඬක්  ඇසෙන්නට විය. අවේලාවේ එන පත්තරකාරයාය. "ඩූ යූ හැස් සන්ඩේ ඔබ්සවේටර්  ?" මම ළඟට ගොස් ඇසුවෙමි. "වට්? වී ඩෝන්ඩ් හෑවු දැට් කයින්ඩ් ඔෆ් නිවුස් පේපර්ස් ඇට් ද මෝමන්ට් සර්.වුඩ් යූ ලයික් ටු බයි අනදර් වන්.ආඩ් බී හැපි ටු හෙල්ප් යූ " පත්තරකාර කොළුවා පත්තර ගොඩ තුළ සඟවා තිබුනු කඩුවක් එළියට ගෙන එහි මුවහත් ප්‍රදර්ශනය .කර සාම්ප්‍රදායික කඩු හරඹයක් පෑ