Mar 13, 2013

මම සින්හල බවුද්ද කොල්ලෙක්ය !


මං ජොබ් ඇප්ලිකේසන් එක තැපැල් පෙටියට ඔබලා එලියට එන්න ආවා...අඩු ගනේ ඕ ලෙවල් වත් පාස් වෙලා තිබනම් පොඩ්ඩි ජොබ් එකක වත් අල්ලගන්ඩ පුලුවන් වෙන්ඩ තිබ්බ ..ඒ උනත සැලෙන්ඩ හොද නැ.මේ සින්හල බවුද්ද  අපේ රට.. හුලන් ටිකක් හරි බිල වැටිල ඉන්ඩ අපිට අපෙ මහ පොල්ව තියෙනව..

එනින් ගමන් මූනටම අහූනෙ රොහානය..ඌටනං සැප කනෙ වගෙ.අවුරුදු ගානකින් දැක්කෙ..මහත් වෙල.හොදට ඇදල පැදල එහෙම හිටියෙ..එත් මොන එහෙමටද අප්ප සවුදියෙ තම්බි පුකවල් පස්සෙ ගිහින් ගෙන සල්ලි..හැබැයි ඒ කාලෙ තිබ්බ නාවර පාටනං ඌ ගාව නැ දැන..දැක්ක ගම්න්ම රොහානය මගෙ කරට අත දාගත්ත.පසෙ තොරතෝන්චියක් නැතුව කියවන්ඩ ගත්තෙ නැතැ..මූ හොදට කත කරන්නත් පුරුදු වෙල

"එක නෙවෙ වරෙන් හවස වෙල අපෙ ගෙවල් පැත්තෙ..කොල්ලො ටික ආයෙ සෙට් වෙමු බන.එද්දි ඩූටි ප්‍රී ගෙනපු හොද බාන්ඩෙකුත් තියනව.බැල් බැක් ලේබල් යකො..කවද බිපුවද උබල..එහන්ම් සෙට් වෙමු ..එල ඇ" '


මම මුකුත් නොකිම එන්ඩ අවා..අමමගෙ රෙද්දෙ බැක් ලෙබල්...හන්දියෙ හරක් මස් කඩෙ දන් ඉන්න කලකන්නි තම්බියට හොදයි..හරක් මස් ගිල ගිල බොන්ඩ.අරක්කු බොන් නැ කිවුවට ඔකුන් හොරෙන් බොනව..ඔය ගෙරි තම්බියගෙ හරක් මස් කඩෙට ගිනි තියල හිරෙ ගියත් කම්ක් නැ කියල මට හිතෙන්නෙ..යකො මෙ සින්හල බවුද්ධ රටෙ හරක් මස් විකුනන්ඩ?හරක කියන්නෙ සින්හලයට කොච්චර වටින උතුම් සතෙකද..
අද නම් මහ අලුතු දවසක්..වෙන්ද පෙන්ඩවත් නැති උන් අද පාරෙදි සෙට් වෙනාව.ඒ පාර අමිතය..මං දැක්ක විතරයි මු හොද කුනුහරුපෙකුත් කියල බඩට ඇන්න..උ හොද එකා..'තොට දැන් පන්සල් එන්ඩ බැ නෙද..කොල්ලො සෙට් එකම අව බන් එදා කටින දවසෙ...හැබැයි රූ වෙද්දි බාගෙට බගයක් නැ.අපි චුට්ටක් තමා කුන කෑවෙ' මු මට බැනගෙන ගිය
'සිරද බන්?මං අරකිත් එක්ක වලියක් දගත්ත බන්..මූඩ් කෙල උන.."
"මොකො ඒ පර?"
"එකිගෙ දගලිල්ල වැඩි බන් දැන්.ඒ කලෙ මගෙ වචනෙකට පිටින් යන්නැති එකි.දැන් මටත් නොකිය රෝන්දෙ ගහනව"
"එකි හොද කෙල්ලනෙ බන්.උබ එපා කිවුව හින්දම කැම්පසුත් නොගොහින් හිටියෙ '
'එ ඉස්සර බන්..දැන් අදින හැටි පෙන් නැද්ද..කොල්ල කියන දෙට පිටින් යන කෙල්ලො මොකටද බන්..අනික මෙකි මහ මොඩි'

'හරි හරි අපි ඕක සෙට්ල් කරගමු.උබ එනවනෙ අද රොහානයට සෙට් වෙන්න'
"තුක් විතරක් උබ යන්වද'
'එහම නෙවෙ බන්.මොක උනත් අපි එකට හිටපු උන්නෙ බන් පොඩි කලෙ ඉදන්ම'

මට රොහනයට වඩ කෙන්තියක් ආව අමිතය එක්ක..මේ හැත්තට රට ජාතිය ගැනි කිසිම කැක්කුමක් නැති හැටි..එක අතකට මම මොකට මෙච්චර නහිනවද මන්ද..තෙරෙන්නෙ නැතැ ඔකුන්ට..කවදහරි තම්බි රට ඇල්ලුවට පස්සෙ..බල්ලො වගෙ ඉන්ඩ වෙයි උන්ගෙ ලෙව කක..අර බැල්ලිටත් තෙරෙන්නෙ නැතැ ඔලුවෙ ඉදන් කකුල් දෙකටම අර කෙහෙල්මල් රෙද්ද පොරොගෙන ඉන්ඩ උනම

නෙද්දකින් මෙහෙමත් සින්හලයො..දෙවන්ම්පියතිස්ස රජ්ජුරුවො එලාර පරාද කලෙ මෙ වගෙ අපතයො ටිහිකට නටන්නද..කාලකන්නි.මම පුපුර පුපුරම ගෙදෙට්ට ගිහින් හින් සිරුවෙ කාබරේට රින්ග ගත්ත.. අම්ම දැක්කනං හොද දෙකක් කියන්ව මෙලො වැඩක් නැතුව රවුන් ගගහ ඉන්නව කියල..එකට නෙන්නම් මෙ ජොබ් ඇප්ලිකෙසන් එහෙම දල ජොබ් හොයන්නෙ..අනික ජිවත් වෙන්ඩ රටක් තියෙන්ඩ එපය ජොබ් කරන්ඩ කලින්.කොහොමහරි මට එහෙම්ම නින්ද යන්ඩ ඇති..
නැගිට්ටෙ අමිතය කැ ගහනව ඇහිල

" අඩෝ නගිටපන් ***** දගනින් සර්ට් එකක්"
මු මව රොහනය ලැ ගෙදර ගෙනියන්ඩ දගලන්ව වගෙ..මං අනිත් පැත්ත හැරිල අයෙ නිද ගත්ත
'උබ හිතන්නෙ බැක් ලෙබල් එකක් කියක් වේ කියලද" මු අයෙ කියවන්ඩ ගත්ත...තොටයි මටයි බෑ යකො කව්දවත් ගන්ඩ"
'මට බැ යකො මගෙ අත්මය පව දෙන්ඩ"
"මොකක්ද බන් ඒ කතවෙ තෙරුම.අපෙ පොඩි කලෙ ෆිට් එක එක්ක කත කරම උබ ආත්මෙ පාව දෙනව්ද..හරි මෙහෙම කරමු..උබ බොන්ඩ ඕන් නැ.නිකන් කත කරන්ඩ වරෙන්..උ අපෙ එකනෙ බන්'


මු ඒ පර වෙනමම පොතක් පෙරලුව.එක අතකට කියපු කතවත් ඇත්ත..ටිකක් කත කරල අවත් මොකො.හැබැයි ඔතෙන්ට ගියම කතවෙන් විතරක් නවතින්ඩ වේයිද දන්නෙ නැ
.මම නැගිටල සර්ට් එකක් ඇද ගත්ත..අමිතය බයික් එකෙන් ඇවිත් ඉන්නෙ ඉක්මකනට ගියැකි..මං බයික් එකෙ පිටිපස්සෙ එල්ලුන

'ඒ ඇත්තට බැක් ලෙබල් එකක් කියක් විතර වෙනවද බන්?"






Share:

Feb 13, 2013

මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස් | My name is Sri Lankan ,I have a short term memory loss


නම?

නම "ශ්‍රී ලාංකිකයා" කෙටියෙන්  "ලාංකිකයා"


ඉන්නෙ?

ලංකාවේ

අහල පුරුදු රටක් නම් නෙවේ

ඔව්, මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


ඒ කියන්නේ ඕනම මිනිහෙක්ට ජීවත්වෙන්න ,අඩුම ගානෙ ඇවිල්ල යන්න හරි වටින රටක්?

අනිවාර්යයෙන්ම..ඒ අතින් අපි හරි වාසනාවන්තයි..ඉපදිච්ච දවසෙ ඉඳලම ඉන්නෙ මේ මහ පොළොවෙ...
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක් ..නෙද්දකින් මේ පාර ඒ ලෙවල් රිසාල්ට්ස් වරද්දලා කියන්නේ..ඒක කමක් නෑ කියමුකෝ මේ ඇමතිය කියන කාලකන්නි කතා...හෙණ ගහනවා මුන්ට .මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම කාල බීලා තෙල වැඩිවෙලා රට කන අපතයෝ....


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


රටේ පාලනය එහෙම?

එහෙම කියන්න තරම් විශේෂයක් නෑ ඉතින්..හොඳකුත් නෑ..නරකකුත් නෑ..මේ ළඟදි විවෘත කළානේ හයිවේ එක..දැන් ඉතින් අපේ ගමනුත් උඩින් තමා...කාර් බාර්..කාර් බාර්




(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
ඔය ඉතින් හොඳක් කිවුව විතරයි..බලන්ඩකෝ බලතල තියෙන ලොකු ලොකු හාල්පාරුවෝ ඕනම කුපාඩි වැඩක් කරලා රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉන්නවා..පොඩි මිනිහට තමා හැම ගූ බාල්දියක්ම..කාලකන්නි...මේව ගැන කතා කරන්න ගිහිල්ලා රිදෙන්න අපේ කටවල්...රත්වෙන්නෙ අපේ ලේ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබැයි මේක දැනගන්න වටින රටක්.ලෝකෙ කිසිම රටකට නොදෙවෙනි ස්වාභාවික සම්පත් තියෙන,ස්වාභාවික අනතුරු බොහෝම අඩු ,ගොඩක් සුන්දර රටක්.කෙටි හැඳින්වීමක් විදියට මට දෙන්න පුලුවන් ඔය කාරණා ටික


කොහොමද රට යන අත ?

ම්ම්ම්ම් කියන්න තරම් වැරැද්දක් නෑ ඉතින්..ඒක නෙවේ අර බලනවකො ටී.වී එක
අප්පට සිරි අපේ කොල්ලො ටොස් එක අරන්..දැන් ඉතින් ග්‍රවුන්ඩ් එකේ පැළක් අටෝගෙන නෙලන්නයි තියෙන්නෙ..කවුද අර ෆස්ට් බැට් එන්නේ?
(ඩිං ඩිං) 
සමාවෙන්න ඕනෙ මැසේජ් එකක් ආවා....නිවුස් ඇලර්ට් එකක්
දැන් තමා හිතෙන්නේ මොන කරුමෙකට මේ රටේ ඉපදුනාද කියලා..ඇයි ඕයි..මෙහෙම රට අගාධෙට යනවා බල බල අපි ජීවත් වෙලා වැඩක් තියෙනවද මං කියන්නේ? එක්කො ඕකුන් එක්ක හැප්පිලා නහින්න ඕනෙ..නැත්නම් මේක දාලා යන දීපංකරයක යන්න ඕනෙ


ඒ කියන්නේ කොච්චර හොඳ රටක් උනත් ප්‍රශ්න නැතුවාම නෙවේ?

මොකක්ද ඒ කතාව ? මට තේරුන් නෑ

මං කිවුවෙ ඔයාගේ රට ලංකාව

ඔව් මම ලංකාවේ තමා..ඒත් ඔයා කවුද? අපි කතා කළාද ?

නැතුව 

වෙන්ඩ බෑ

කතා කළා නේන්නම් ..අපි කතා කළේ ඔයාගෙ රට ගැනයි වැඩිපුරම

ඔව් මම ලංකාවේ..මහිතෙ ලෝකෙන් සීයට හැත්තෑ පහක්වත් ඇති ලංකාව ගැන නොදන්න..හැබ
ආආහ් අම්මට හුඩු පුදනකොටම කාපි යකා කිවුවලු..ෆස්ට් බෝලෙටම වැනුවා නේද හයක් !!



මයි නේම් ඊස් "ශ්‍රී ලංකන්",අයි හැව් අ ෂෝර්ට් ට(ර්)ම් මෙමරි ලොස්


නෝට්:
මේ අනීවාරතකරණයේ පනස්වැන්නයි.
පෝස්ටු පනහක් පුරාවටම ළඟින් උන් ඔබ සැමට මගේ ශීර්ෂ ප්‍රණාමය


Share:

Feb 6, 2013

දෙපස වැනේ ගත්තු යතුරු පැදිය මගේ...


ගොසින් පයින්
කර ලීසින්
ගත් බයිකය
වේ මසුරන්


දෙහි ගෙඩි හා
මිරිස් කරල්
එහි අමුණා
දුම් අල්ලා


දෙවරක් වැඳ
ගෙන එළියට
පණ ගන්වා
එය පදවා

ටික වේලාවකට පසු


බයිකය ගොර ගොර ශබ්දය නිපැදිය
මවිතය මා හද පෙළමින් පැතිරීය
දෙපසට වැනෙමින් මවමින් කම්පන
යා යුතු මග නොව වෙනතක හැරවෙත

මතක් නොවුනු තැන සදනා අයුරක්
බයිකය නවතා තබලා එතැනම
අසුනක් පනවා අසබඩ ගස යට
වඩමා ආවෙමි මිකැනික් සකිසඳ

පුරවර දස්කම් පාමින සැමතැන
තෙදබල එඩි පා ඇන්ජින් පණගෙන
සක්වල ගල තෙක් නංවන කිතුගොස
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන
මිකැනික් සකිසඳ පිළිගමි තුටියෙන

දැහැනට සමවැදි මිකැනික් තෙම එහි
වතුරින් කිරි ටික වෙන් කරනා සොඳ
හංසය විලසට පිරිපුන් නුවනින්
බයිකය සකැසී,ප්‍රශ්නය විමසී


නැණැස විවර වී බයිකය පිළිබඳ
අසනෙමි පැනයක් පතමින් අවසර
සබඳ ගැටය මා ,පවසව පිළිතුර
පංචස්කන්දයෙ ඔබගේ,බර කිම?


මා ප්‍රිය ගුණ ඇති මිකැනික් පඬිතුම
කොතෙකුත් කෑවද ගුණයක් නොම දෙන
උසටම සරිලන බර මා සතු නොව
සතරක් සැට වෙයි, එය වේ පිළිතුර


ප්‍රීතී ප්‍රීතී හැන්සම් ගැට පුත
ඇත මෙහි පිළිතුර මාගේ දිව අග
බයිකය සොඳ ලෙස පාරේ යැවුමට
ඔබගේ සිරුරේ බර මදි ඇත


මෙලෙසින් මාවත පැද ගියහොත් මා
අනතුරු සිදුවෙයි ,ලැබදේ මරබිය
පිරිපුන් දැනුමැති මිකැනික් පඬිතුම
කුමක්ද බයිකය හසුරන පිළිවෙල?


බර අඩු වී නම් ඒකට පිළියම
බර මෙහි වැඩි කොට පැදවීමයි පුත
පනසට නොම වැඩි බරකුත් පිටුපස
ඇති විට බයිකය නොම දේ කම්පන






නැත නැත ගැට පුත නොම සිත එලෙසින
පණ නැති දෑ නොම දේ හරි පිළිතුර
විස්සට නොම අඩු විසි පහකට අඩු
සුදු පැහැ සම ඇති පණ ඇති විය යුත








නෙදකින් ගැට පුත නුඹ වේ සංකර
කෙලෙසද කොල්ලෙක් ආවේ මනසට
මුතුවන් දත් ඇති දිග කෙහෙරැල් ඇති
අඟනුන් කොපමණ වේදෝ මිහිතල


එනමුත් පඬිතුම මට මෙය පවසව
කෙලෙසද අඟනක් වන්නේ පිළිතුර?


නුඹගේ දිවි මග කැළඹී ඇති වෙද
එහෙයින් කම්පන ඇත යන මාවත
වළකා ඒ සැම සරි මඟ දක්වන
කෙනෙකුන් පසුපස හිඳුමෙන් වේ සැප !!


බයිකයේ ඇතිවන කම්පන හා අනවශ්‍ය විස්ථාපනවලට විසඳුමක් වශයෙන් බයිකයේ බර වැඩි කිරීම සඳහා පිටුපස තබාගෙන යාමට පෙර සඳහන් සුදුසුකම් ඇත්තියක් වුවමනා කර තිබේ.....


 images-cabservicesgampaha.blogspot.com ,www.stormfront.org




Posted under ගිනිබෝල (කෙල්ලේ උඹ ගැන ) and වින්දනීය ගැට පද
scroll up for more 






Share:

Feb 4, 2013

පොල් අතු බත් කඩේ, COLOMBO 7


වරිච්චි බිත්ති..
පොල් අතු වහලය....
මහ පාරටත් පේන කළු ගැහිච්ච මේසය
මහ නගරයක උසට උසේ ඇදෙන තරු පහේ ගොඩනැගිලි ගොඩක් මැද මේ,

"පොල් අතු බත් කඩයයි"

බෝඩ් කෑල්ලක ගසා නොතිබ්බත් ඒ යනෙන උන් කඩය හැඳින්නූ නමයි.."මෙලෝ ගුණයක්" නැති ඇඟේ තෙල පමණක් ගොඩ ගහන බටහිර පන්නයට ගිය කෑම ඇති වූ කල්හී බොහෝ මහත්වරු,නෝනාවරු පොල් අතු බත් කඩේ හොයාගෙන ආහ.කඩේ ඇතුළේදී සිදුවන්නේ හොඳ හුවමාරුවකි.හොඳ ආගන්තුක සත්කාරයක් සමඟ රසවත් කෑම වේලකට---> සුළු මුදලක්


උදේ වේල හා දවල් වේල පමණක් පිළිගැන්නූවද ,අතුරු සිදුරු නැති වෙන තරමට නොවුවත් ,බොහෝ අවස්ථාවල කඩයේ කිහිප දෙනෙක් හෝ සිටියහ.ඉස්තරම් පන්නයට ටයි කෝට් දමාගෙන පොල් අතු හෙවිළි කළ වහලයක් යට කුඩා බංකුවලට වී ආහාර බුදින ඈයින් මවන තරමක් අමුතු රූපයේ කොටස්කාරයෙක් වීම පිණිස මමද එක් දිනක් පොල් අතු බත් කඩයට ගොඩවීමි.ඒ වෙනස් ආකාරයක "භෝජන අද්දැකීමක්" උදෙසා මිස බඩගින්න නිසාම නොවේය.
ඇතුළද තරමක් අඳුරුය.ඇස් අඳුරට හුරු වූ කල්හී නෙත ගැටුණ පළමු මිනිසුන් දෙදෙනාට මම සුහදශීලී සිනහවක් පෑවෙමි.එතෙක් තොරතෝංචියක් නැතිව කියවමින් උන් ඒ අතුරින් එකෙක් මා හා සිනාසෙනු පිණිස ඉතා සුළු වේලාවකට පමණක් කතාව නැවැත්වීය.නැවත ඇරඹීය.

"දැන් බලනවා දැන් මේ රෙදි විස්සක් තිහක් පොරෝගෙන සුද්ද ගෙනල්ල අතෑරපු කෑම කකා උදේ ඉඳන් හවස් වෙනකල් අපි විඳින දුක.තමුසෙ ඔට්ටුවක් දාන්න කැමතිද?ටවුන් වලට ඉන්න ඕන එකෙක්ගෙන් අහල බලනවා ,ගමකට ගිහිල්ලා ඇළක දොළක නාලා කොස් ,බතල ,මංඤොක්කා ඔය ගෙඩි ජාතියක් කාලා ගහක් හෙවණට වෙලා පොඩ්ඩක් ඇල වෙලා ඉන්න කැමතිද කියලා? ඔන්න මම ඔට්ටුව දිනුම්..උන් කියනවා "ඔව් ඔව් නැතුව නැතුව" කියලා.හැබැයි ඕකුන් එකෙක්වත් යනවද? නෑ ඕයි නෑ..අපිව මේ නගරෙට තියලා ගැට ගහල ඉවරයි..ගැටේ ලිහාගන්න දඟලලා තවත් ඒක හිර කරගෙන"


එතෙක් හූමිටි තබමින් උන් අනෙකාද කතාවට සම්බන්ද වූයේ උත්තරයක් ලබා දීම පිණිස නොව සුළු දෙයක් හෝ නොපවසා සිටීම නොහොබී යයි සිතුණු නිස විය යුතුය.

"අපිට ආපහු හැරෙන්න බෑ මචන්"

"ඔව් අපිට හැරෙන්න බෑ.අපි ඇරෙන්න අනිත් ටික හරවන්න පුලුවන්නෙ..දැන් බලන්වා මේ කඩේ..අපිට ගමට යන්න බෑ..ඒ නිසා ගම ගෙනාවා නගරෙට.මේ අයිසෙ ගමේ තියෙන බත් කඩයක් කෙලින්ම කොපි පේස්ට් කරලනෙ.පොඩ්ඩක් ඔළුව හරවලා බලනවකො හයි පයි කාරයෝ කීයක් ඇවිත් කිසි ලැජ්ජාවක් නැතුව කන හැටි.මේක පටන් ගත්ත එකා මොකෙක් උනත් හෙණ මොළකාරයෙක්.ඌ දන්නවා විකුණන්න ඕන ජාතිය මිනිස්සුන්ට."සිංහල ගැමි කම" ඕයි සිංහල ගැමි කම..මේවා තමා මාකට් වෙන්න ඕනෙ.."


මෙවිටම මේ දේශකයා හා ශ්‍රාවකයා ළඟට පැමිණියේ තරමක් මහළු කාන්තාවකි.ඈගේ එක අතක හොදි වළඳකි.අනෙක් අතේ පොල් කටු හැන්දකි..

"මහත්තයො,තව කරෝල ටිකක් දාන්නෙයි?" ඈ ඇසුවේ දේශකයාගෙනි

"දාන්න දාන්න අම්මෙ" දේශකයාගේ වචනවලට මද සිනහ නැංවූ ඇය නැවත ඇතුළට ගියේ

"මම විජහට එන්නම් මහත්තයෝ" කියා මටද පවසමිනි.

"බලනවා කෑම බෙදන්න උනත් දාලා තියෙන්න .මේ කොහෙන් හරි හොයා ගත්ත ප්‍රොපෙසනල් වේටර් කොලු ගැටයෙක්ද? නෑ අන්න මාකටින්..අනික බුෆේ දාලද? නෑ බෙදලා ළඟටම ගෙනත් දෙනවා ..මේ ගැමි කම දැනෙන්නෙ..මාත් එකයි කට පුරා අම්මා කිවුවෙ ,මටත් මතක් උනා ගම"

කතාව මදකට නතර විය.දෙදෙනාම නැවද ගිජු ලෙස බුදින්නට වූහ.ඒ අතර මගේ රසවත් කෑම පිඟානද ලැබිණ..
ටිකකින් "මාකටින් මැනේජර්" හා ඔහුගේ සගයා පිටව ගියහ.


ඔවුන්ගෙන් මුදල් ලබා බත් අම්මා ඉන්පසු මා ළඟටද පැමිණියාය.

"තව මොනවහරි ඕනෙද මහත්තයා?"

"අනේ ඇති ,මේ වැඩිත් එක්ක" මම සුහදශීලී ලෙස සිනාසීමි.
මට තවදුරටත් කතා කිරීමට සිත් පහළ විය.

"මේ කඩේ කාගෙද?"

"අපේ මහත්තෙයෝ.මායි අපේ මනුස්සයයි."

"නෑ මං ඇහුවෙ අයිතිකාරයෝ...මේක හැදුව අය...අයිතිකාරයෝ"

"අපිම තමයි..ඉඩමනම් අපේ නෙවේ මහත්තයෝ.කාගෙද දන්නෙත් නෑ .කවදහරි අයිතිකාරයෙක් ආව දවසක් අපි එළියෙ"

මගේ නළලේ රැලි මාලාවක් නිපදවෙන්න ඇත.

අපි දැන් අවුරුදු ගානක ඉඳන් මේ ලඟ ඉන්න අපේ පුතාලෑ ගෙදර හිටියෙ..ඒත් ලේලිගෙන් වෙනස්කම් උනා.මටනම් දරාගෙන උන්නැහැකි.ඒත් අපේ මනුස්සයා කුකුල් කේන්ති කාරයා.

එයාගේ කීමටම පුතාගෙ ගෙදර ඉන්දැද්දිත් වැඩට යන කීප දෙනෙක්ටම බත් උයලා දුන්නා.ඒක ඩිංගෙන් ඩිංග වැඩි දියුණු වෙලා තමා මේක අටෝගත්තෙ.දැන් අපි පුතාලෑ ගෙදරත් නෙවේ මෙතන ඉන්නෙ"

ඈ දිගටම කියවාගෙන යයි.

"මේ වගේ අටමගලක් ටවුමක් මැද්දෙම අටෝගත්ත එකටනම් මගේ මනාපයක් නෑ මහත්තයෝ..ඒත් කුලී ගෙවන්නෙ පුළුවන්යැ අපිට හොඳ තැනකට?"








මාකටින්...මාකටින්....මාකටින්....මාකටින්




images-google maps

Share:

Jan 31, 2013

ඩිජිටල් ප්‍රින්ටින්(ග්) | Digital Printing

(කලකට ඉහතදී පින්තාරු වූ යන්තර යෙහි පළකරන ලද්දකි)



ඔහු මුහුණ මා දෙසට හරවා හෙලුවේ කිසිසේත්ම ප්‍රියමනාප බැල්මක් නම් නොවේ. ඔරවා බැලීමක් නොවුවත් යම්කිසි නියෝගාත්මක ස්වරුපයක් එහි විය.හේතුව වහා අවබෝධ වූ හෙයින් මම වහාම ඇගිලි තුඩු අතර දැවටෙමින් තුබුණු, අඩක්‌ දැවි ගිය දුම් වැටිය වහා එලියට විසි කළෙමි.ඒ මුහුණේ සිනා රැල්ලක් මතු විය.
නැවතත් පින්සල තීන්ත භාජනයේ ඔබමින් ඔහු කතා කළේය.

''නිකං බොරුවට අඩු වයසෙන් මැරෙන්නයැ මහත්තයා ?''

''පුරුද්දට ගිහිල්ලා, දැන් පරක්කු වැඩියි නවත්තන්න''

පිළිතුරක් නැත.
ඔහු සිය රාජකාරියෙහිම ඇලෙන්නට විය.බිම එලා තිබුණු සුදු රෙද්ද මත තාලයකට තීන්ත තැවරෙන්නට විය .


''අ''

කෙසේනම් අමතක කළ හැකි අකුරක්ද මේ ? ජීවිතය ඇරඹුන අකුර නොවැ!.
ඊලග අකුරට පින්සල ලක ලෑස්ති කිරීමට ඔහුට මද වෙලාවක් ගත විය.මද යයි කීවද මෙසේ කුඩා කුඩා පමාවන් එකතු වූ විට එය සැළකිය යුතු තරම් වේලාවක් විය යුතුය.

"කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න ලොකු උන්නැහේ ?''

මට අවැසි වූයේ මට පිටත් වීමට නියමිත බසය පැමිණීමට ප්‍රථම මෙය අවසන් වේවිදැයි දැනගැනීමටය. මේ බැනර් අඳින රටාව ,තාලය සිත් ඇදගන්නා සුළුය .රස්සාවක් හැටියට කිරීමට නැතත් නිවී හැනහිල්ලේ බලා සිටීමට වටිනා දෙයකි.

''හිතන තරං ඉක්මනටනම් අමාරුයි මහත්තයෝ ..මොකෝ හීන් සීරුවේ කරන්න එපෑ.වැරදුනොත් මකන්න කියලය ?''

''ඔව් නේන්නම්  ''

හිතනවාට වඩා වැඩේ අමාරු විය යුතුය.


''නි''

තවත් අකුරක් හමාරය.අකුරෙන් අකුර වචනයක් ,වචන ගොඩකින් වාක්‍යයක් !!
මම ඔහු සිටි කුටියෙන් එළියට අඩි කිහිපයක් ඇවිද ගියෙමි.කලින් විසිකළ සිගරැට් කොටය ඇස ගැටිණ.දැන් එය සිදුවී හමාරය .පසුතැවීම නොහොබී.
එක් වරක් පාර දෙසද බැලුවෙමි .බසය දැන්ම එන පාටක්නම් නැත. 
කාන්සියට ඇස් එහෙ මෙහෙ හරවද්දී, ලණු වල ආධාරයෙන් පාර හරහා එල්ලා තිබුණු දැවැන්ත බැනරයක් දුටිමි.


''අනිච්චාවත සංඛාරා''

අභාවප්‍රාප්ත අහවලාගෙ අහවල්....
දන්නා කියන කෙනෙක් නොවේ.

''ගමට ඇවිල්ලත් මාසයයි.කොහොමද හැම මිනිහම දැනගන්නේ ''

මම මටම සිනාසුනෙමි.
ඒහාත් සමගම සිනාසිය හැකි තවත් කාරණයක් සිහියට නැගුණි.


''බැනරය'!!'

''ඩිජිටල් ප්‍රින්ටින්''

මගේ හිතේ අර මිනිසා ගැන අනුකම්පාවක් ඇති විය.අමුතුම කලාවක්,රටාවක් ,තාලයක් ඇති බව සැබෑය.නමුත් මෙතරම් වෙලාවක් නාස්ති කර අඳින පරණ තාලේ බැනරයත් ,මේ ඩිජිටල් බැනරයත් අතර වෙනස!!!
මට නැවතත් ඔහුව බැලීමට වුවමනා විය.

''තාම මිනිස්සු මෙතනින් බැනර් ඇඳගන්න එනවද ලොකු උන්නැහේ?''

උත්තරය ලැබීමට තත්පර කිහිපයක් පමා විය.

''දැන් නම් ඉතින් ඉස්සර වගේ නෑ මහත්තයෝ..ඒ කාලේ නම් මේ පළාතටම මෙව්වා ඇන්දේ මමයි''

ඔහුගේ මුහුණේ යම් සාඩම්බරයක සේයාවක් මතු විය.

''ඒත් දැන් නෑනේ නේද''එය සමහර විට ඔහුට ලැබෙන උපහාසයක් විය හැක.

නැත, ඔහු එය උපේක්ෂාවෙන් පිළිගත්තේය.

''ඒකනම් එහෙම තමයි.ඒත් තාම අපිව ඕන අය ඉන්නවා''

''ඒත් අලුත් පරම්පරාවේ කවුරුත් නැතුව ඇති?අච්චර ලේසියෙන් ,ඉක්මනට. ලස්සනට ඩිජිටල් ප්‍රින්ටින් තියෙන එකේ මේවා ඇඳ ඇඳ මොකට නහිනවද කියලා හිතෙන්නේ නැද්ද ලොකු උන්නැහේට?

''හ්ම්ම් හ්ම් තාක්සනේනම් දැන් දියුණුයි තමා''

නිශ්ශබ්දතාවයකි
මා බලාපොරොත්තු වූයේ මීට වඩා දිග පිළිතුරකි.නමුත් ඔහු කතා කරන පාටක් නැත.මිනිහගේ හිත රිදුනද දන්නෙත් නෑ.
මද වේලාවක් ගත විය.මම ඔහුට පිටුපා සිටගත්තෙමි.මෙවර මගේ කාන්සිය දුරු කළේ ජංගම දුරකතනයයි.

තවත් විනාඩි කිහිපයක් ගත විය.
මගේ පිටුපසින් නැවතත් පුරුදු කටහඬ ඇසුණි.

"තාක්සනේනම් දියුණු වග ඇත්ත මහත්තයෝ.ලෝකෙත් ඉස්සරහට ගිහින්.දියුණුයි දැන්..මොන විදියට බැනර් එක ඇන්දත් මහත්තයෝ අපි 
තාමත් ඒකෙ ලියන්නේ මේ ටිකම නේද?"

ඔහු බැනරයේ අන්තිම අකුරත් පින්තාරු කර වාක්‍යය සම්පූර්ණ කළේය.

''අනිච්චාවත සංඛාරා'' 





image from -http://thewritepractice.com/wp-content/uploads/2011/08/Dead-Body-Chalk-Outline.jpg
Share:

Jan 29, 2013

මම පොස් කොල්ලෙක්මි | I am a pos gay











කිරි අප්පට බල්ලො පැනපි
      ගැටය අයියා
         ඉතින් ඉතින්?
    මල්ලක් පුරෝල බඩු
   කඩේ ගියාද?


යො යෝ මචෝ වස්සප් ඩුඩේ           
හව් යූ ඩුයින් මයි බ්‍රෝ ටුඩේ             
හූ ඉස් "ගැටයා" සම්වන් ගොඩේ?     
අයි ගෝ ෆුඩ් සිටි නොට් ටු ද කඩේ   

                     yo yo macho wat's up dude
                     how you doin' my bro today
                     who is "getaya" someone godey?
                     I go food city not to the kadey

ඉතින් ගැටයා අයියා
               කොහොමද මෙහෙ ජීවිතේ
          හෙන සරුයි වගේ ඇහ්


යූ බ්ලඩි ඉඩියට් අයි සෙඩ් වන්ස්             
අයි නොට් ගැටයා අයෑම් ගැට්ස්               
රූලින් දිස් සිටි ලයික් ද බොස්                 
පීපල් සේ දැට් අයැම් අ පොස්                 

                                            you bloody idiot i said once
                                            I not getaya I am gatZ
                                            rulin' this city like the boss
                                            people say that I am a posh




සම්ඩේ අයි ගෝ බුක්ෂොප් සරසවි            
නොට් ගෙට් සිංහල නවලුත් සහ කවි         
බයි ඉන්ග්ලිශ් බුක් වටයක් කරකැවි          
ඩූ නොට් රීඩ් ඉට් ඉන්ග්ලිශ් ටූ හෙවි           

                                            Someday I go book shop Sarasavi
                                            Not get Sinhala navaluth saha kavi
                                            Buy English book watayak karakawi
                                            do not read it English too heavy


සන්ග්ලාසස් ඇත ටොයිලට් එකටත්       
අයෑම් සෝ හොට් කොතනින් බැලුවත්  
ලයික්ස් මෙනි මෙනි  උදවිය බවලත්     
මයි ප්‍රොෆයිල් පික් ප්‍රිටි මච් බලවත්      

                                              Sunglasses etha toilet ekatath
                                              I am so hot kothanin baluwath
                                              Likes many many udhawiya bawalath
                                              My profile pic pretty much balawath



ගැටිස්ස අයියෙ..
     අපේ ගමේ වී ගොයිතැන් කරල හරියන්නෙ නෑ
 අපි මේ බැලුවෙ කොස් ,දෙල් ටිකක් වත් මෙහාට ගෙනල්ල විකුණගන්න


වට් යූ ජස්ට් සෙඩ් ,ඉස් දැට් කොස්?      
කොස් ඉස් ගුඩ් බට් කැලරිස් ලෙස්        
ෆුඩ් ඉස් චයිනිස් පිට්සා විත් මස්         
පොස් පීපල් ආ ඊටින් ගුඩ්නස්               


                                                       What you just said ,is that kos?
                                                                                   kos is good but  calories less
                                                       fooddha chinese pitzza with mas
                                                       posh people are eating goodness


උඹ ආයෙ ගමට එන්නෙ නැද්ද ගැටිස්ස අයියෙ?
ඕං එන සුමානෙ "ස" ප්‍රසංගෙ එනවා ඉස්කෝලෙ හෝල් එකට ,බලන්ඩ යන්? වික්ටර් රත්නායකනෙ..උඹ ඒ දවස්වලත් ආසයිනෙ


ඩස් දැට් වික්ටර් ප්ලේ රොක් මියුසික්?                      
ඉස් දෙය(ර්) හිප් හොප් වට් ඩූ යූ තින්ක්?                 
ෂැල් වී ගෝ විත් ඇලොකොහොලික් ඩ්‍රින්ක්              
වී ගොන සික් ඇන්ඩ් පාටිය ගොන රොක්                    

                                              Does that Victor play rock music? 
                                              Is there hiphop what do you think?
                                              Shall we go with alcoholic drink? 
                                              We gonna sick and paatiya gonna rock



ඉවරයි



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයිබස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගයමකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??
ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්





27 වැනිදා ගම්පහට ආ බ්ලොග්කාරයන්ට
උඹලා එළය
අනිත් එවුනුත් එළ (සෙන්නාගේ හිත හැදීමට කිවුවෙ )


( ඡායාරූපය බුකියෙනි )
Share:

Jan 17, 2013

දයාබර උකුණෝ , උඹලත් ගියාද?


වෙනද               හරියට කසන කොණ්ඩේ
නොමඳ              සුවයෙන් තිබෙනු දැනිලා
මොකද              කියලා ළංව බැලු සඳ
එකද                  උකුණෙක් නොමැත හිස මත

ෂැම්පු ගොඩකට ගෙවන මුදලම
ඉතුරු වේ යැයි මතක් වූවද
මෙලසෙ ඇති වූ විපරියාසෙට
හේතු සොයනට ආපි කුතුහල


ජොබට නේනා බවට දන්වා
බොසුට අමතා ෆෝනයෙන්
(තතික දුංධතඃ තරික තෙයියත් තෙයිත තානම් තානෙනා)
සාලෙ මැද්දේ අසුන් පනවා
එමත හිඳගමි පහසුවෙන්



මෙනෙහි කරමන් දුරාතීතය, ඔහේ දුවනා චිත්ත                      යේ
ජවනිකා පෙළගැසී ඇඳිලා මැකී යන්නේ එසැණ                    යේ
ගුල්ලො ගහලා සිදුරු වී ඇති හීන පිරවූ ගෝනි                        යේ
හීන රොත්තක් සුසුම් හෙළමින් හිටපු ගෝනිය හැරගි              යේ

ගිනි වැදුනු හිස් මුදුන මතුපිට
ඉන්ට විදියක් ඇත්තෙ නැති වග
දැනුනු කල්හී උකුණු පිරිවර
හොයා ගොස් ඇත කූල් ඔළුවක් 

දිවට දිව ගා හිටපු ඈයොත්
පැදුර අකුලන් යන්ට යද්දී
සැපට සැප දී තිබුන දිවියත්
අතැර ගස්සන් වෙන්ව යද්දී
         යසට ලේ බී, ඇවිද ඔලුවෙත්
         උන්නු උකුණෝ යන්ට යෑමත්
         පුදුමයක්යැ?........................වන්..ටූ..ත්‍රී ..ෆෝ....පුදුමයක්යැ?

දයාබර උකුණෝ
උඹලත් ගියාද?



හුදෙක් විනෝදාස්වාදය සඳහාය
සිරා නොගන්න



යූ මයිට් ඕල්සෝ ලයික් ද කලෙක්ෂන් ඔෆ් "වින්දනීය ගැට පද "

වත්තට ගොස් මලක් කැඩීමේ සිට මලක් කඩා වත්තට යාම දක්වා!!

උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )
මගේ නිවන මට දුන්නේ මූණුපොතයි
බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය
මකර තොරණේ සිට බුදු ගේ දක්වා වැටී ඇති වින්දනීය මාර්ගය (වින්දනීය මාර්ග අංක දෙක )
මොහිනී අක්කා සමග 4-Stroke ඇංජිමක්
වයි දිස් කැළණියෙ කැළණියෙ ගූ??

ෆේක් ප්‍රොෆයිල් එකකට කතා කළෙමි!
අනේ මේකට like එකක්... අනේ පිලීස්.....අහ් ඇයි මේකටත්

Share: